Blogger news

පෙම්වතා සමඟ ‘මල් කඩන්න’ ගුරු පෙම්වතිය ‘සිග්නල්’ ඇති පාසලකට මාරුවක් ඉල්ලලා





තම ජංගම දුරකතනයට සිග්නල් ඇති පාසලකට මාරුවීමක් ඉල්ලා තරුණ ගුරුවරියක ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතාට ලියුමක් ඉදිරිපත් කළාය. ඒ මහජන දිනයේදීය.
එදින බොහෝ පිරිසක් උදෑසන සිට පැමිණ අංක රැගෙන තම වාරය එනතෙක් බලා සිටිති.
මිණිපුරයට සම්බන්ධයක් ඇති තරුණ ගුරුවරියක් පැය කීපයක් පෝලිමේ සිටියාය. වාරය  පැමිණි පසු තම කාරණය කටින්ද කීවාය. තමා අවිවාහක බවද වසර ගණනාවක පටන්  පෙම්වතකු සිටින බවද කීවාය. තමන්ට මුල්ම පත්වීම ලැබුණේ ඉතා දුෂ්කර පෙදෙසෙකට බවද කීවාය.
ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

බෙහෙත් ගැල්වූ රාවණාගේ දේහය මහතුඩුගල ගල් පර්වතයක



රාම, සීතා සහ රාවණා හා සම්බන්ධ සියලු ජනප්‍රවාදවලම පාහේ සඳහන් වන්නේ රාවණා සීතා පැහැරගෙන ආවේ ලංකාවට බවත් බිහිසුණු රාම - රාවණා යුද්ධය සිදුවූයේ ලංකාවේදීම බවත්ය. සීතා සඟවා තැබු ස්ථානය හා රාම - රාවණා යුද්ධය පැවති ස්ථානය පිළිබඳ කිසිඳු එකඟතාවයක් නොමැත.
හනුමාන් ලංකාපුරයේ වූ සියලු නිවෙස්වල පියසි මතට පනිමින් ඒවා දවා අළු කළ බවත් එම ගින්නේ ආලෝකය පතිත වූ පෙදෙස නුවරඑළිය නමින් ව්‍යවහාරප්‍රාප්ත වූ බවත් බොහෝ ජනප්‍රවාදවලින් කියවේ. නුවරඑළිය හා ඒ ආසන්න ප්‍රදේශවල පස් කළු පැහැ ගැන්වී ඇති අතර එසේ වූයේ හනුමාන් ගැසු ගින්නෙන් මුළු ප්‍රදේශයම පිළිස්සී ගිය බැවිනියි පැවසේ.
කෙසේ වුවද සීතා සහ සතුරු රාවණා පිළිබඳ සිද්ධිය නුවරඑළිය ප්‍රදේශයට පමණක් සීමා කරන්නට ඇතැම් ජනකතා සූදානම් නැත. මෙරට නන් දෙසින් මේ පිළිබඳ අසන්නට ලැබෙන කතා පුවත් අනන්තය; අප්‍රමාණය.
මෙහිදී ලංකාපුරය නමින් හැඳින්වුණේ රට ද නැත්නම් ලංකාවේ එක්තරා ප්‍රදේශයක් ද යන්න පිළිබඳව ද එකඟතාවයක් නොමැත. මෙම ප්‍රවාදය දිගහැරෙන්නේ මෙරට යක්ෂ ගෝත්‍රිකයන් පාලනය කළ යුගයේදීය. පළමුවෙන්ම යක්ෂ ගෝත්‍රික කුවේර රජ පිළිබඳ තොරතුරු අනාවරණය වෙයි. ඔහු ලංකාපුරය පාලනය කළේ බදුල්ල
අග නගරය කරගෙනය.
මහා බ්‍රහ්මයාගෙන් ඉතා බලසම්පන්න වරම් රැසක් ලබන රාවණා කුවේරගේ වැඩිමහල් සොහොයුරාය. බලසම්පන්නකමින් මත්වන රාවණා සිය සොහොයුරු කුවේර මරා දමා රාජ්‍යය සහ දඬුමොනර යන්ත්‍රය පැහැරගෙන බදුල්ල අග නගරය කරගෙනම ලංකාපුරය පාලනය කරයි.
රාවණා සීතා පැහැරගෙන එන්නේ මේ අතරතුරය. දඹදිව සිට බොහෝ දුරින් පිහිටි ලංකාපුරය නම් වූ යක්ෂ ගෝත්‍රික රාජ්‍යයේ සිරකාරියක වූ සීතාගේ පේ‍්‍රමය බලහත්කාරයෙන් දිනා ගන්නට රාවණා කිසිදු අවස්ථාවක උත්සාහ නොකළේය. මෙම සිද්ධිය අනාවරණය කරන්නේ රාවණා පරමාදර්ශී රජෙකු වූ බවයි.
යක්ෂ ගෝත්‍රික තුන්වන රජු විභීෂණය. රාමගේ ප්‍රහාරයෙන් රාවණා යුදබිම මියෑදුණ පසු රාම විසින්ම ලංකා රාජ්‍යය විභීෂණට පවරනු ලබයි. විභීෂණ යනු කුවේරගේ බාල සොහොයුරාය. එබැවින් රාවණාගේ ද මල්ලීය. විභීෂණ ලංකාපුරය පාලනය කරන්නේ කැලණිය අගනුවර කරගෙනය.
මෙම කුවේර, රාවණා සහ විභීෂණ යන යක්ෂ ගෝත්‍රික රජුන් තිදෙනා මෙරට පාලනය කළ යුගය පදනම් කරගෙන “ඉන්දියාවේ සිට සීතා පැහැරගෙන ආ දස හිස් ඇති යක්ෂාධිපති රාවණාගේ වාසභූමිය ලංකාව වූවා මිස ඊට පෙර මෙම දිවයින මනුෂ්‍ය වාසයක්ව පැවති බවට කිසිදු සාධකයක් නැතැයි ‘ලංකා ජනතාව‘ නමින් කෘතියක් සම්පාදනය කළ ආචාර්ය නන්දදේව විජේසේකර මහතා සඳහන් කර ඇත.
ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

නොමිලේ මවුස් පෑඩ් එකක් ගෙදට්ටම ගෙන්න ගන්න




ඔන්න මම අද ඔයාලට නොමිලේ මවුස් පෑඩ් එකක් ගෙදට්ටම ගෙන්න ගන්න සිස්ටම් එකක් කියන්නයි යන්නෙ..


1) මුලින්ම මේ ලින්ක් එකට ගිහින් එකේ Sign Up වෙන්න අලුතින් අකවුන්ට් එකක් හදලා.

2) Sign Up form එකේ Personal Information කියන තැන යටින් Sign Up for Newsletter එක check කරන්න. එහෙම කරහම ඔයාට Point 20ක් එකතු වෙනවා. මේ Point එකක් කියන්නේ රුපියලකට සමාන මුදලක්
(Form එකේ Screenshot එකක් - http://i53.tinypic.com/2hibf9t.jpg)

Sign Up වුන් ගමන්ම ඔයාල හදපු අකවුන්ට් එකට Point 50ක් එකතු වෙනවා (මේ සයිට් එකෙන් PayPal or Credit Card වලින් විතරක් නෙවේ මේ එකතු වෙන Point වලිනුත් බඩු ගන්න පුලුවන්)
3) ඔයාල Register වෙද්දි දුන්න ඔයාගේ email address එකට confirmation email එකක් ඇවිත් ඇති. ඒකේ confirmation link එක click කරලා account එකට log වෙන්න



3) ඊටපස්සේ මේ link එකට ගිහින් ඒකෙ තියන මවුස් පෑඩ් එක Add to Cart කරන්න.

4) දැන් Cart එක තියන පේජ් එකට ගියහම එතන TomTop Points කියන තැනක් 70 ටයිප් කරල Apply Points කරන්න.

5)දැන් Proceed to Checkout කියන එකට ගිහින් ඔයාලගෙ ගෙදර ඇඩ්‍රස් එක Billing Address එකටයි Shipping Address එකටයි දෙකටම දාන්න.

දැන් හරි.. මවුස් පෑඩ් එක සති දෙකක් තුනක් විතර යද්දි ගෙදට්ටම එයි...


source : http://pariganakaudavu.blogspot.com


හොඳයි කියලා හිතෙනවානම් යාළුවෝ එක්ක [SHARE] කරන්නත් අමතක කරන්න එපා !!!
මේ ගැන ඔබේ අදහස ගැන comment එකක් දාලා යන්න.
ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න