Blogger news

යාළුවන්ගෙන් බේරී අඩියක් ගහන්න මහ රෑ අමු සොහොනකට ගිහින්



සියනෑවේ කෙළවරක පිහිටි පිටිසර ගම්මානයක විසූ දෙදරු මවකගේ අවසන් කටයුතු සිදුකෙරුණේ ගම කෙළවර අහීමානවත් පෙදෙසක පිහිටි සොහොන් බිමේදීය.
පසුදින රාත‍්‍රියේ මේ සොහොන් බිම දෙසින් කිසිවකුගේ විලාපයක් වරින් වර ඇසුණු අතර, එය ඇතැම් විටෙක කෙඳිරිල්ලක් සේ ද ඇසෙන්නට විය. මේ ශබ්දයෙන් මහ මග ආ ගිය අය ද බියට පත්වූ අතර, කිසිවෙකුත් ඒ පැත්තට යාමට බියෙන් පසුවෙද්දී සිත දැඩි කර ගත් තරුණයෙකු සොහොන පැත්තට ගියේ මේ ගැන සොයා බැලීමටය.
විදුලි පන්දමක් හා පොල්ලකුත් ඔහු අත විය. විදුලි පන්දම හඬ ආ පෙදෙසට එල්ල කර බැලූ ඔහු දැක ගත්තේ පෙරේදා වළ දැමූ සොහොන අසල මිනිසකු වැතිරී සිටින අයුරුය.
ටික වේලාවකින් හඬා වැඞීම නතර කළ ඔහු පසෙක තිබූ බෝතලෙන් යමක් වීදුරුවකට දමා බීමෙන් අනතුරුව සිගරැට්ටුවක් ද දල්වා ගත්තේය.
මොහොතක් එහි රසය විඳි මේ පුද්ගලයා යළි හඬා වැටෙන්නට විය. ඔහු වරින් වර මාරුවෙන් මාරුවට මෙම කටයුත්තේ යෙදෙණු දුටු තරුණයා ඔහු ඇමතීය.
”ඒයි කවුද ඔය”
ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

අහසින් වැටුණ රුවන්ගනී


අවුරුදු කුමරියක ලෙසින් ක්‍ෂේත‍්‍රයට පිවිස නිරූපණ ශිල්පිනියක, රංගන ශිල්පිනියක සහ නිවේදිකාවක ලෙස ක්‍ෂේත‍්‍ර ගණනක සිය දක්‍ෂතා ප‍්‍රකට කරන ශිල්පිනියක ලෙස රුවන්ගනී රත්නායක හැඳින්විය හැකිය. සෑම  සෙනසුරාදාවකම රාත‍්‍රී 8.30 ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශනය වන ‘අහසින් වැටුණා’ ටෙලි නාට්‍යය හරහා ඔබට සමීප වන රුවන්ගනී ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශනය වන ‘හැඩකාර සඳුදා’ සහ ‘වෙඩින්’ වැඩසටහන් ද ඉදිරිපත් කරනු ලබනවා.

‘අහසින් වැටුණා’ අත්දැකීම ගැන මුලින්ම කතා කළොත්?
‘අහසින් වැටුණා’ කියන්නෙ මගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරපු නිර්මාණයක්. මගේ ගමනට ලොකු පිටුවහලක් මේ නිර්මාණය හරහා ලැබුණා කීවොත් නිවැරදියි.
‘අහසින් වැටුණා’ හි ඔබට රඟපාන්න ලැබෙන්නේ ක්‍ෂේත‍්‍රයේ අත්දැකීම් බහුල පිරිස් සමගයි. මෙවැනි පිරිසක් සමග ක්‍ෂේත‍්‍රයට ආධුනික ඔබ රඟපාන විට අනාගැනීම් බහුල වුණාද?
ඇත්තටම මම ඔය ටෙලි නාට්‍යයට ගියේ බයෙන්. ස්වර්ණවාහිනියෙන් මට මේ ටෙලි නාට්‍යයට යන්න කිව්වම මට හිතාගන්න බැරි වුණා. විශේෂයෙන් ආනන්ද අබේනායක වැනි ජ්‍යෙෂ්ඨයෙකු යටතේ වැඩ කරනවා කියන කාරණය තුළත් මට තිගැස්මක් තිබුණා. ‘අහසින් වැටුණා’ ටෙලි නාට්‍යයේ රඟපාන අය අතරින් රොෂාන් පිලපිටිය අයියා එක්ක විතරයි මම කලිින් වැඩ කරලා තිබුණේ. රූගත කරන විට මෙහි සිටින ජ්‍යෙෂ්ඨයන්ට සිදුවීම් කියා දෙන්න අවශ්‍ය නෑ, අදාළ සිදුවීම ඔවුන් මවනවා. නමුත් මට ඒ සියල්ල කරන අයුරු කියාදෙන්න ආනන්ද අබේනායක මහතාටත්, රොෂාන් රවින්ද්‍ර අයියාටත්, තිර රචනා කළ නාමල් ජයසිංහ ආදීන්ට සිදුවුණා. මේ ටෙලි නාට්‍යයේ දෙබස් කියවිය යුතු ආකාරය පවා නාමල් අයියා මට කියා දුන්නා. ඇත්තටම මේ ටෙලි නාට්‍ය රංගනයට බොහෝ පුහුණුවීම් කිරීමට සිදුවුණා. ඇත්තටම ඒක ලොකු අත්දැකීමක් .
ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

ලස්සන නත්තල් පින්තූර




ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

වැඩිපුර ලස්සන කවුද ?



 

ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

බබා කේක් කාලා වගේ . . .






ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

කඳුළ ම සිනාවට හරවා ගත් සරසවි සිසුවිය සිත්තරී


‘සිත්තරී’ මේ විශ්ව විද්‍යාලයේ යහළු යෙහෙළියන් ඇයට යෙදූ සුරතල් නාමයයි. ‘සිත්තරී’ කොළඹ විශ්ව විද්‍යාලයට ආවේ දහසකුත් එකක් බාධක අවහිරතා මධ්‍යයේය. උපතින්ම ආබාධිත දැරියක වූ ඇය අපට සුවිශේෂි වන්නේ ඇගේ දෙමවුපියන් ද අන්ධභාවයෙන් පෙළෙන බැවිනි.
මේ කතාව කොතැනින් පටන්ගෙන ඔබට කියන්න ද කියා සිතාගත නොහැක. එහෙත් මෙය ඔබට කිව යුතුමය. ඒ මේ අහිංසක මිනිසුන්ගේ අප්‍රමාණ වූ උත්සාහය ධෛර්යය ඇගැයීමටය. අපේ රටේ ඕනෑතරම් බෝසත් මවුපියවරු සිටිති. දුක දුකක් නොව දුකම සැපතක් යැයි සිතා තම දූ දරුවන්ගේ ජීවිත සුවපත් කිරීමට වෙහෙසෙන අම්මාවරු, පියවරු රටේ අහුමුළුවල සැඟව සිටිති. මේ එවන් මාපිය යුවළකගේ අප්‍රතිහත ධෛර්යයේ කතාවයි.
මේ කතාවේ කතා නායකයෝ කිහිප දෙනෙකි. මුලින්ම අපට හමුවූයේ නිමාලි සෙනෙවිරත්න හා ජෝතිපාල පතිරණ යුවළයි.
මිනුවන්ගොඩ බඩල්ගම අලුතැපොල ප්‍රදේශයේ වෙසෙන ඔවුන් සොයා පසුගිය දිනෙක අපි එහි ගියෙමු. ඔවුන්ගේ නිවෙසට යන පාර පෙන්නුවේ හා ඔවුන් පිළිබඳ හෝඩුවාව අපට දෙනු ලැබුවේ නිල්පනාගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිපති මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සිංහල ගුරු උපදේශක මාවිල අනෝමදස්සි ස්වාමින් වහන්සේය.
ඉකුත් දිනෙක හැන්දෑ වරුවක අපි ජෝතිපාල යුවළගේ නිවෙසට ගොඩ වූයෙමු.
“එන්න”
අපි පැමිණි හඬ හා අපේ කටහඬ ඇසු ඔවුහු අප නිවෙස තුළට කැඳවූහ.
‘ආ ඒක කොයිතරම් හොඳ ද?’
ඔවුහු යුහුසුලුව නිවෙසේ එහා මෙහා යමින් අපට අසුන් ගැනීමට පුටු රැගෙන එති. භික්ෂුන් වහන්සේ දෙනමට අසුන් ගැනීමට පුටුවලට සුදු රෙදි අතුරති. දෑස නොපෙනුණත් ඔවුහු තම කාර්යයන් නිවැරැදිව කරති.
ඉතින් ඔවුන්ගෙන් අපි කුමක් අසන්න ද?
මේ දෙදෙනාම අන්ධය. නිමාලි පනස් හැවිරිදිය. ජෝතිපාල පනස් එක් හැවිරිදිය. ඔවුන්ට දරුවන් තිදෙනෙකි. වැඩිමලී කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන්නීය. දෙවැනි පුතු මෙවර ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට ලියා ප්‍රතිඵල එනතුරු බලා සිටින්නේය. බාල දියණිය අලුතැපොල වළගම්බා විද්‍යාලයේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය.
ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

2012 සිකුරු ලබන බොලිවුඩ් තරු


එළැඹෙන 2012 නව වසර බොලිවුඩ්පුරයට කොහොම වේවි කියලද ඔබ හිතන්නෙ? ලස්සන චිත්‍රපට අපට බලන්න ලැබේවිද? ලස්සන ගීත අහන්නට ලැබේවිද? බොලිවුඩ් සිනමාව ගැන මතක් කරන විට ඔබේ හිතට එන්නේ එවැනි සිතුවිලි තමයි. මේ සියලු සුන්දර දේ සිද්ධ වෙන්නෙ තිරය මතුපිටයි. තිරයෙන් පිටුපස තව කොපමණ කාරණා කටයුතු සිද්ධ වේවිද?
තිරයෙන් පිටුපසදී සිද්ධ වෙන වැදගත් කටයුතු අතර විශේෂ තැනක් හිමිවන දෙයක් තිබෙනවා. ඒ තමයි විවාහ මංගල උත්සව. ලබන වසරේදී බොලිවුඩ්පුරයේ විවාහ මංගල්‍ය රැසක්ම පැවැත්වෙන බවයි ආරංචි. මේ විවාහ සිදුවන්නේ ජනප්‍රිය සුපිරි තරු අතරේයි. මේ අතරින් කාගේත් උනන්දුව අවධානය යොමුවන මංගල්‍යයක් තිබෙනවා. ඒ, සයිෆ් අලිඛාන් සහ කරීනා කපූර් අතර සිදුවන්නට නියමිත විවාහයයි. මේ දෙදෙනා මුලින්ම හඳුනාගත්තේ 2007 දීයි.
(ඒ වනවිට සායිෆ් තම පළමු බිරිඳ අම්රිතා සිං ගෙන් වෙන්වී සිටියා) එතැනින් ඇරැඹුණු සායිෆ් සහ කරීනාගේ ආදර කතාව ලොව පුරා පැතිරී ගියා. කවුරු කවුරුත් මේ යුවළ ‘සායිෆීනා’ ලෙසින් හඳුන්වන්නට ද පටන්ගත්තා. කිහිප වතාවක්ම සායිෆ් සහ කරීනා විවාහ වෙන්නට ලකලෑස්ති වූ බවට මාධ්‍ය මඟින් ආරංචි පතුරුවා තිබුණා.
විශේෂයෙන්ම පසුගිය වසරේදීත්, මේ වසරේදීත් සායිෆ් – කරීනා විවාහය සිදුවන බවට අනාවැකි පළවී තිබුණා. නමුත් මංගල්‍යය සිදුවුණේ නැහැ. ඔය අතරේදී සායිෆ්ගේ පියා වූ මන්සූර් අලිඛාන් හෙවත් නවාබ් හි පතාඋඩි කිරුළ සායිෆ්ට හිමිවුණා. මේ කටයුතු සියල්ලට පසුව දෙදෙනාගේ විවාහය සිදුවන බවයි නිවේදනය කෙරුණේ. ඒ අනුව දැන් තීරණය වී තිබෙන්නේ 2012 පෙබරවාරි මාසයේදී ‘සායිෆීනා’ විවාහ මංගල්‍යය සිදුවන බවයි. කරීනාගේ සහ සායිෆ්ගේ සමීප හිතවතුන් පවසන්නේ සායිෆ් නිෂ්පාදනය කළ ‘ඒජන්ට් විනෝද්’ චිත්‍රපටය තිරගත කිරීම ඇරැඹූ පසුව දෙදෙනාගේ විවාහය සිදුවනු ඇති බවයි.
බොලිවුඩ්පුරයේ තවත් යුවළක් ද ලබන වසරේදී එක්තැන්වෙන්නට කල්බලමින් සිටිනවා. ඒ දෙදෙනා තමයි, රිටීෂ් දේශ්මුඛ් සහ ජෙනෙලියා ඩි සෝසා. ‘ඇලඩින්’ චිත්‍රපටයේ ජැකලින් ෆර්නැන්ඩස් සමඟ රඟපෑ රිටීෂ් ඔබට මතක ඇති. රිටීෂ් සහ ජෙනෙලියා අතර ආදරයක් ජනිත වුණේ 2003 දීයි. ඒ, ඔවුන් දෙදෙනාගේම මුල්ම චිත්‍රපටය වූ ‘තුජේ මේරි කසම්’ හි රඟපාද්දියි. එතැනින් පසුව රිවීෂ් සහ ජෙනෙලියා ගැන නොයෙකුත් ආරංචි පැතිරී ගියා. දැන් මේ දෙදෙනා සූදානම් වන්නේ 2012 පෙබරවාරියේ දී චාම් විවාහ මංගල උත්සවයකින් යුග දිවි ගමන් අරඹන්නටයි. මේ වනවිට රිටීෂ් ගේ වයස 32ක්. ජෙනෙලියා ඔහුට වඩා අවුරුදු 8කින් ලාබාලයි.
ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

පින්තූරද? සිතුවම්ද?


අති තාත්වික චිත‍්‍ර කලාව 21 වැනි සියවසේ දී නව ප‍්‍රවණතා ඇතිකරමින් ලොව ජනපි‍්‍රය චිත‍්‍ර කලාවක් බවට පත්ව තිබේ. 1973 දී බෙල්ජියමේ බ‍්‍රසල්ස් නගරයේදී ඇමරිකන් ජාතික රැුල්ෆ් ගොයිග්ස්, චුක් ක්ලෝසේ, දොන් එඞී, රොබට් බෙච්ලේ සහ රිචර්ඞ් මැක්ලන් ප‍්‍රදර්ශනයක් පවත්වමින් මේ කලාව ලෝකයට හඳුන්වා දුන්හ.
විශාල ප‍්‍රමාණයේ ඡායාරූපයක් ගුරු කොට ගනිමින් ස්වභාවිකත්වයට බොහෝ සෙයින් සමාන වන මෙම චිත‍්‍ර කලාවේ නියැලෙන චිත‍්‍ර ශිල්පීහු 44 දෙනෙක් ලොව පුරා සිටිති. වන පාරිසරික වැදගත් ස්ථාන, වීදි දර්ශන, පුද්ගල චරිත, මිනිස් හා සත්ත්ව චර්යා මෙන්ම දේශපාලනසිදුවීම් ද පදනම් කරගෙන නිර්මාණය කැරෙන මේ චිත‍්‍ර අධික මිලකට අලෙවි වෙයි.
ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

පළමු වසරට සිසුන් ගන්නා සම්මුඛ පරීක්ෂණ ගුරුවරයාගෙන් මවුපියන්ට අපූරු පාඩමක්



ඉර බහින පැත්තේ පාසලක පළමු වසරට සිසුන් ඇතුළත්කර ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයට ඇතුළත්ව සිටි ගුරුවරයකු සම්මුඛ පරීක්‍ෂණයට පැමිණි මවුපියන් විස්මයට පත්කරන උපදෙසක් දුන් බව වාර්තාවේ.
මෙහිදී අදාළ ගුරුවරයා බොහෝ දෙනෙකුට පවසා ඇත්තේ තම පාසලට සුදුසුකම් ලැබීමට නම් පාසල ආසන්න ස්ථානයකට ලියාපදිංචි විය යුතු බවයි.
ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

මීවදයක් කියා බඹර කූඩුවක් කඩලා



මී මැසි ජනපදයකියි සිතා බඹර කූඩුවක් කඩන්නට යාමේදී බඹර ප‍්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු දැන් නිලමැස්සන්ටත් බයේ කල්ගත කරන පුවතක් සියනෑවේ මාඔය අසබඩ ගම්මානයකින් වාර්තා වේ. ඔහු සෑම දේටම පෙරට යන්නේ සියල්ල දත්තකු සේ ය.  ඕනෑම දෙයක් මට පුළුවනි ඔහුගේ දහම ය. මාඔය අසබඩ ගම්මානයක මහ වත්තක මීයක් බැඳ ඇතැයි ලත් ආරංචිය මත ඔහු එහි ගියේ වතු හිමිකරු ද දන්නා අඳුනන අයකු වූ නිසාය.අනේ බලන්නකෝ මේ ගහේ මීයක් බැඳලා වතු හිමිකරු කීය.”බය වෙන්න එපා” මට මී කඩලා හොඳට පුරුදුයි. මේක කඩලා දාමු. ඔහුගේ වදන් සමග වත්තේ හිමිකරු ප‍්‍රමෝදයට පත්වූයේ තම දරුවන් මීයට ගල් ගැසුවොත් ලොකු විනාශයක් වනු ඇති බැවිණි. ඔහු කීවේ බොරුවක් බව වතුහිමියා නොදැන සිටියේය. සුරුට්ටුවක්ද දල්වාගෙන ඉනිමඟක ආධාරයෙන් ගසට ගොඩ වූයේය. මීයට කිට්ටු විය. සුරුට්ටු දුමින් මීයට පීඩා කරන්නට ගත්තේය. දුම වැදෙද්දී එහි සිටි බඹරු එකා දෙන්නා එළියට එනු දකිද්දී ඔහුට වැඬේ වැරදුණු බව සිහිවිය. අනේ මහත්තයා මේ මීයක් නොවෙයිනේ කෑ මොරදුන් හෙතෙම ගසෙන් බසිද්දී බඹරුන්ගේ ප‍්‍රහාරයට ද ලක්විය. වහාම රෝහල්ගත කළ ඔහු දැන් සුවය ලබා සිටී. නිලමැස්සකු දුටුවත් බියේ වෙව්ලමින් කල් ගත කරමින් නිවසටම වී සිටී. ඔහුගෙන් ”මී කැඩුවාදැයි” අසද්දී හොඳ දෙක තුනක්ද දැන් අසන්නට හැකිය.

හොඳයි කියලා හිතෙනවානම් යාළුවෝ එක්ක [SHARE] කරන්නත් අමතක කරන්න එපා !!!
මේ ගැන ඔබේ අදහස ගැන comment එකක් දාලා යන්න.
ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

නවක වදෙන් සිසුවියට අමාරුයි.


රුහුණු සරසවියේ අවන්හලකදී නවක වදයට ලක්වූ බව කියන පළමු වසරේ සිසුවියක තුනිටියේ දැඩි තුවාල සහිතව මාතර රෝහලට ඇතුළු කරනු ලැබීය. බලපිටිය වැල්ලවත්තේ වත්සලා කුමුදුනීද සිල්වා (21) ඇයයි.මහනුවර බුවැලිකඩදී යුදහමුදා කඳවුරේ නායකත්ව පුහුණු ඇබෑසියේදීද ඇය තුවාල ලැබුවාය. දෙටු සිසුන් සියයක් පමණ තමා තෙරැපූ බවත් සිහිනැතුව ඇද වැටුණු බවත් සිහිය ආවේ රෝහලේදී බවත් ඇය කියා ඇත
Source : Lankadeepa

ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

නිත්‍යා මෙනන්ගේ සේයාරූ එකතුවක්



 
ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

පින්තූර දෙස වෙනස් ඇසකින් බැලීමක්


ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

පාරේ දුවන කෝච්චි

ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

මේවා මහ පව් වැඩ



 

 

 

 
මෙම සත්ව ඝාතනය හෙළා දකිනවානම් මෙය Share කරන්න 

ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

කාටුන් චරිතවලට පණ පොවන මිනිස්සු


කාටූන් හෝ 3D Animation චිත්‍රපටි නරඹන ඔයාලා කවදා හරි හිතල තියනවද 
මෙම චරිත වල ස්වරූපය, ඒ ඒ චරිත වලට හඬ පොවන නළු නිළියන්ගේ හැඩරුවට සමාන වන අයුරින් නිර්මාණය කර ඇති බවක් ?

සමහර වෙලාවට මේ සමානකම් විශ්වාස කල නොහැකිතරම්ය.







ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න

ලස්සන කාර් ;)



 





























ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න